ආර්ථික කම්පන සහ විදේශ විනිමයේ කාර්යභාරය

විදේශ ශ්‍රමිකයන් හා ඔවුන්ගේ බලපෑම

පසුගිය ජනපතිවරණයේදී එවක ජනාදිපති වූ මහින්ද රාජපක්ෂ එක්තරා රැලියකදී එතෙර වෙසෙන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගෙන් ඉල්ලීමක් කර සිටියේය. එනම් 2015 ජනවාරි 8 වන දින තමන්ට චන්දය ලබා දීම සඳහා එතෙරින් ලංකාවට පැමිණෙන ලෙසයි. බැලු බැල්මට මෙය එතරම් ප්‍රයෝගික කියමනක් නොවේ යයි මුලින් දැනුනත් සංඛ්‍යාත්මකව ගත් කල එහි තාර්කික බව ඉතා පැහැදිලිය.ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රම බලකායේ හතරෙන් එකක්ම විදේශ ශ්‍රමිකයන් ලෙස විදේශගතව ඇත. මෙය සංඛ්‍යා දත්ත අනූව ගත් කළ ලංකාවේ සමහර ප්‍රධාන ජන වර්ග වල ජනගහනය පවා අභිබවා යන්නකි. එවන් විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකගෙන් ඉතා සුළු ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කලද එය සමස්ථ ප්‍රතිඵලයට කරන බලපෑම ඉතා විශාලයි. මෙය විදේශගත ශ්‍රමිකයන් ලංකාවේ දේශපාලනික දිශානතියට සිදු කළ හැකි බලපෑම පෙන්නුම් කළ කදිම උදාහරණයකි.

ආර්ථික වශයෙන් ගත් කළ විදේශ ශ්‍රමිකයන්ගේ බලපෑම දෘශ්‍යමාන වන්නාවූ ප්‍රධානතම මාධ්‍ය වන්නේ විදේශ විනිමය නැතහොත් ප්‍රේෂණයි. විදේශ විනිමය යනු විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ලංකාවට එවනු ලබන භාණ්ඩ හා මුදල් යයි අපි පුළුල්ව හඳුන්වමු. පසුගිය දශක 3 තුලදී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් ශීග්‍ර ලෙස වර්ධනය වීමක් දක්නට ලැබේ. ලෝකයේම වැඩියෙන්ම විදේශ විනිමය උපයන රටක් ලෙස ලංකාව පිළිගනු ලබයි. දකුණු ආසියාතික රටවල් සමග සංසන්දනය කර බැලූ කළ ලංකාවේ විදේශ විනිමය ඉපයීම ඉතාම ඉහල අගයක් ගනියි. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයට අනූව 2009 දී ලංකාවේ ඒක පුද්ගල විදේශ විනිමය ඉපයීම ඇ.ඩො. 164 ක් වූ අතර ඊට සාපේක්ෂව දකුණු ආසියාවේ විදේශ විනිමය ඉපයීම සාමන්යය ඇ.ඩො. 35 කි. ලංකාවේ මුළු අපනයන ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය 25% ක් පමණ වේ. මේ තොරතුරු වලින් පෙනී යන්නේ විදේශ විනිමය ලංකාවේ ආර්ථිකයේ දිශානතිය තීරණය කරන සාධකයක් බවට දැන් පත්ව තිබෙන බවයි.
ආර්ථික කම්පන යනු මොනවද?

ආර්ථික කම්පන ලෙස අපි හඳුන්වනු ලබන්නේ රටක භාණ්ඩ නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය සඳහා පිටස්තර පාර්ශවයන්ගෙන් එල්ල වන බලපෑම් වේ. බොහෝවිට මේවා සෘනාත්මක බලපෑම් ලෙස අපි සලකමු. උදාහරණයකට ගත් කල ලංකාවේ නිමි ඇඳුම් කර්මාන්තයට හිමිවුණු GSP + සහනය අහිමි වීම පෙන්වා දිය හැක. ආර්ථික කම්පනයක් සඳහා පුලුල්වම භාවිතා වන උදාහරණය වන්නේ බොර තෙල් මිල ඉහල යාමෙන් දේශීය කර්මාන්ත සඳහා සිදුවන අවාසිදායක බලපෑම් වේ. මීට අමතරව පරිභෝජන බදු ඉහල දැමීම්, විනිමය අනුපාත වෙනස් වීම් ද පෙන්වා දිය හැක. බොහෝ අවස්ථා හිදී මෙවන් ආර්ථික කම්පන කල්තියා පුරෝකථනය කළ නොහැක. ආර්ථික විද්‍යාවේදී ව්‍යාපාර චක්‍ර න්‍යාය සහ සෝලෝව් වර්ධන න්‍යාය හරහා මේ පිලිබඳ ගැඹුරින් කතා කරයි. එම න්‍යායන් තුලින් ආර්ථික ඒකකයන් තමුන්ගේ පරිභෝජන රටා විවිධ කම්පන වලට මුහුණ දීම සඳහා වෙනස් කර දිගු කාලීනව තම පරිභෝජනය සුමට කර ගන්නා ආකාරය අපූරුවට විශ්ලේෂණය කරයි.

ආර්ථිකයේ තීරණ ගැනීම් බොහොමයක්ම සිදු වන්නේ අවිනිශ්චිතතාව මතයි. කුටුම්භ, ව්‍යාපාර ආයතන හා රජයන් කම්පන අවිනිශ්චිතතා වලින් සිදුවන උච්චාවචනයන් අවම කර තමන්ගේ ආදායම් ප්‍රවාහය සුමට කර ගැනීම සඳහා නිතැතින් කටයුතු කරති. විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටකට සංවර්ධිත රටකට වඩා වැඩි අවදානමකට මුහුණ දීමට සිදුවේ. එවන් අවදානම් දැරීමෙන් සිදුවන බලපෑම් අවම කර ගැනීම සඳහා විදේශ විනිමය උපයෝගී කර ගැනීමට පුළුවන් නම් එය ලංකාව වැනි රටකට ආශීර්වාදයකි.
සුක්ෂම ආර්ථික කම්පන හා ප්‍රේෂණ ධාරා

කුටුම්භ වල සිදු වන ආදායම් උච්චාවචන බලපෑම් වලින් මිදීම සඳහා විදේශ විනිමය ඉපයීම් භාවිතා වන බව ආර්ථික පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත. මෙම සංසිද්ධිය ලංකාවේ පමණක් නොව පිලීපීනය වැනි රටවල් වලද විද්‍යමාන වන්නකි. ආර්ථික පර්යේෂකයින් සොයා ගෙන ඇති ආකාරයට විදේශ විනිමය ලැබෙන කුටුම්භ වල අහිමි වූ ආදායමෙන් 60% ක් පමණ ප්‍රමාණයක් විදේශ විනිමය විසින් ප්‍රතිස්ථාපනය කරනු ලබයි. එමෙන්ම ලැබෙන්නාවූ විදේශ විනිමය ප්‍රමාණය කුටුම්භ අදායම වැඩි වීමත් සමගම හීන වී යන ප්‍රවනතාවයක් දක්නට ලැබේ. එමගින් තම පවුලේ පරිභෝජන රටාවට සිදුවන සෘණාත්මක ප්‍රතිවිපාකය අවම කර තබා ගැනීමට විදේශ විනිමය ලැබෙන්නාවූ කුටුම්භ සමත්වී ඇත. කෙසේනමුත් මීට සමගාමීව පැන නගින ගැටළුවක් ලෙස පර්යේෂකයන් දකින්නේ මෙය ලංකාවේ දැඩි යැපුම් සංස්කෘතියක් බිහි කිරීමට වග කිව යුතු බවයි. තමන්ගේ අහිමි වූ ආදායමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රේෂණ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන හෙයින් වෙනත් අදායම් මාර්ගයක් සොයා ගැනීම සඳහා ඇති අභිප්‍රාය හීන වේ. මේ හේතුවෙන් දිගුකාලීනව, විදේශ ප්‍රේෂණ ස්වාරක්ෂණ ආදායමක් නොව යැපුම් ආදායමක් පමණක් බවට පත්වේ. එමගින් කුටුම්භයකට දිගු කාලීනව තම අදායම් ප්‍රවාහය ඉහල දමා ගැනීම සඳහා විදේශ ප්‍රේෂණ ආයෝජනය කිරීමට ඇති අවස්ථාව මගහැරී යයි. ප්‍රේෂණ වලට පමණක් සීමා නොවූ මෙම යැපුම් සංස්කෘතිය ලංකාවේ වෙනත් සහන දීමනා සඳහාද එකලෙසම බලපාන බව නිරීක්ෂණය කර ඇත.

මීට සමාන තවත් පර්යේෂණයකින් කාලගුණ කම්පනයකදී විදේශ ප්‍රේෂණ වල හැසිරීම ගවේෂණයට ලක් කරයි. මෙම පර්යේෂණයේ නියැදිය ලෙස තෝරා ගෙන තිබෙන්නේ පිලිපීනයේ ග්‍රාමීය ප්‍රදේශයක්. මෙහිදී නිරීක්ෂණය කර ඇත්තේ වර්ෂාව ඉතා අඩු සමයන්හිදී එයින් සිදු විය හැකි අනිටු ප්‍රතිඵල අඩු කිරීම සඳහා වැඩි වශයෙන් විදේශ විනිමය ලැබෙන බවයි. කාලගුණ කම්පනයක විශේෂත්වය වනුයේ එය එක ප්‍රදේශයක ජීවත්වන පවුල් විශාල සංඛ්‍යාවකට එකලෙස හා එක් අවස්ථාවේදීම බලපෑමයි. කෘෂිකර්මයෙන් ජීවත් වන ජනතාවක් ජීවත් වන මෙම ප්‍රදේශයේ ජනතාව හට ණය හා හදිස්සි මුදල් පහසුකම් ලබා ගැනීම ඉතා දුෂ්කර වේ. ඊට එක හේතුවක් වනුයේ ඔවුනට ඇපයට තැබීම සඳහා වටිනාකමෙන් ඉහල වත්කම් නොමැති වීම. එමෙන්ම දැනට තිබෙන්නාවූ ඉඩම් කඩම් යනාදී වත්කම් විකුණා දැමීමට එම ප්‍රදේශයේ බොහොමයක් දෙනා ඉදිරිපත් වීමෙන් ඒවායේ මිල ගණන් ඉතා පහල මට්ටමක පැවතීමයි.අනෙන් හේතුව වනුයේ කාලගුණයෙන් බැටකෑ එම ප්‍රදේශයේ සියලුම දෙනා ණය ඉල්ලුම් කිරීම හේතුවෙන් බැංකු ණය පොලී අනුපාත ඉතා ඉහල අගයක් ගැනීමයි. මීට සමාන කාලගුණ හා ආර්ථික තත්වයක ජීවත් වන ශ්‍රී ලාංකීය ග්‍රාමීය ප්‍රදේශ සඳහාද මෙම පර්යේෂණයේ ප්‍රතිපල බොහෝ දුරට වලංගු වේ. කෙසේවෙතත් ශ්‍රී ලංකාව අදාල කර ගෙන කරන ලද අධ්‍යනයක් තුලින් මීට වඩා නිශ්චිත ප්‍රතිපල ලබා ගෙන මීට අදාල ප්‍රතිපත්ති සම්පාදනයට රුකුලක් විය හැක.
සාර්ව ආර්ථික කම්පන හා ප්‍රේෂණ ධාරා

සාර්ව ආර්ථික කම්පන දරා ගැනීම සඳහා ප්‍රේෂණ වලින් අපේ රටට දෙනු ලබන දායකත්වය අල්ප මට්ටමක පවතියි. 2007 වසරේ කල පර්යේෂණයකින් හෙළි වුනේ ලංකාවට ලැබෙන්නාවූ ප්‍රේෂණ ප්‍රවාහයන් ලංකාවේ ආර්ථික තත්වයත් සමග ධනාත්මක සම්බන්ධතාවයක් ඇති බවයි. මෙයින් ගම්‍ය වන්නේ ලංකාවේ ආර්ථික තත්වය දුර්වල කාල සමයන් වලදී අඩු ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන බවයි. එවන් සමයන් වලදී ගෙවුම් ශේෂ ගැටළුව ප්‍රේෂණ අඩු වීම නිසා වෙනදාට වඩා ලංකාවට දැනීමට ඉඩ ඇත.

සමස්තයක් ලෙස විදේශ විනිමය ප්‍රවාහයන් ලංකාවේ සාර්ව ආර්ථිකයට කරනු ලබන සේවය අඩු මට්ටමක පැවතුනත් එය බොර තෙල් මිල හා සංසන්දනය කිරීමේදී ඒ හා ධන සම්බන්ධතාවයක් ගනියි. එනම් බොරතෙල් මිල ඉහල යාමත් සමගම ප්‍රේෂණද ඉහල යයි. මෙමගින් තෙල් මිල ඉහල යාමෙන් ගෙවුම් ශේෂයට වන්නාවූ සෘණාත්මක ප්‍රතිවිපාකය අවම කර ගැනීමට දායක වේ. එමගින් වර්තන ගිණුමේ ශේෂය ස්ථාවරව පවත්වා ගැනීමටත් විදේශ සංචිත වර්ධනය කර ගැනීමටත් රුකුලක් වේ. ලංකාවේ විදේශ ශ්‍රමිකයන් බහුතරයක් වෙසෙන්නේ මැදපෙරදිග රටවල් වලය. මේ රටවල ආර්ථිකයන් බොරතෙල් මත රඳා පවතින අතර බොරතෙල් මිල ඉහල ගිය විගස එම රට වලින් ලංකාවට එන ප්‍රේෂණ ධාරාවන්ද ශක්තිමත් වේ. එක් අතකින් ලංකාවට බොරතෙල් මිල පීඩනය වැඩි වෙද්දී අනෙක් අතෙන් රට වෙත ගලා එන විනිමය ප්‍රවාහයන්ද වැඩි වේ. බොරතෙල් ලංකාවේ මුළු ආනයනයන්ගෙන් 20% පමණ වන නිසා විදේශ විනිමය වැඩි වීමෙන් කරනු ලබන සේවය ඉතා වැදගත් වේ.
ඇමෙරිකාව වැනි රට වල අනාගතයේදී ඇතිවිය හැකි බොරතෙල් හිඟ සහ වෙනත් හිඟ සඳහා මුහුණ දීමට මාස ගණනාවකටම සරිලන තොගයන් ඒ රටවල් පවත්වාගෙන යයි. එනමුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එවන් දැවැන්ත ආරක්‍ෂිත තොග පවත්වාගෙන යාම සඳහා හැකියාව නැත. එනිසා සාමාන්‍යයෙන් සංවර්ධනය වෙමින් පවතින රටකට ආර්ථික කම්පන වලින් සිදු වන හානිය සංවර්ධනය වූ රටකට වන හානියට වඩා දරුණු වේ. ජාත්‍යන්තරව ගතහොත් ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ප්‍රේෂණ ප්‍රවාහයන්ගේ කම්පන ආරක්ෂණ හැකියාව ඉතා ප්‍රයෝජනවත් වන්නේය. එනමුත් රජයක් වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ දේශීය ආර්ථිකය සහ රටේ මූල්‍යමය පරිසරය දියුණු කර ඒවා කම්පන වලට ඔරොත්තු දෙන තරමට ශක්තිමත් කිරීමයි. කිසි විටෙකත් රජයක් ප්‍රේෂණ ධාරාවන් වැඩිදියුණු කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආදේශකයක් ලෙස භාවිතා නොකළ යුතුයි.

Will More Male Migration Produce Better Economic Gains?

 

How Vital are Remittances to the Country?

The importance of remittances has grown over the years in Sri Lanka and now it has become a determining factor of the economy. Over a quarter of the country’s labor force is abroad. The remittance statistics in 2015 show that foreign currency earned from remittances surpasses the highest earning export good which is garments.  Since remittance flows are positively correlated with the oil prices it also acts as a buffer for the oil price shocks (Lueth et al. 2007). Sri Lanka is also the highest remittance receiving country in the South Asia region. In 2009 average per capita remittance to Sri Lanka amounted to 164 US$ compared to South Asia’s average of 35$ (Ministry of Finance and Planning). In response to this significant situation, policies to make the remittance flow more economically productive are not in place.intro-remittance-blog

 

The Tragedy

In 2000 female migrant workers accounted for 75 percent of the total migrant workers abroad (Lueth et al. 2007).  This is due to the high demand for household female workers from the Middle Eastern region. The housemaids are largely unskilled and come from low income families having low marketable skills. The underprivileged and vulnerable nature of housemaids has paved the way for the violation of their rights both in the remittance receiving countries and in sending countries. There are many reported instances where the female migrant workers were physically abused by the employer and were not compensated properly. On the other hand back in their home countries their absence makes a devastating impact on the family. Their spouses lose their female counterparts and the children lose maternal love and care which is vital for early childhood growth. Thus, many migrant workers tragically end up in an even more miserable situation than they were before.

 

Policies and the Dilemma

As the public voiced their opinion against the social problems created by female migration, the government was in a dilemma, whether to curtail female foreign employment or not. Curtailing female foreign employment would hurt the economy badly. On the other hand any restriction on female migration would mean a discrimination against women’s economic freedom. The regulations came in the form of “recommendations” such as not recommending females with children under 5 years of age for foreign employment. Owing to various regulations imposed by  the Sri Lanka Bureau of Foreign Employment, the gender composition of migration is transforming.

More male migration would mean more women would be in control of income remitted to home countries. These expenditure dynamics of males and females are to play a big role in how household expenditure patterns are decided. This poses a good research question: whether the sex of the remitter makes an impact on the household budget allocations. Studies on the transformation of household expenditure pattern should be conducted in order to predict the economic impact. The research also intends to cast more light to how the remittance receiving families spend their income.

 

migration-female

(Image Courtesy: http://www.ips.lk)

Methodology and Challenges of the Research

This research intends to compare the expenditure patterns of remittance receiving families and non-remittance receiving families. Then it compares families receiving remittance from males and females. This would mean a non-random selection of the treatment and non-treated groups. In addition, the two groups involved in analysis differ in observable and unobservable characteristics. This gives rise to non-random sample selection and endogeneity problems. The most popular way of treating the possible biases is through instrumental variables (IV). But the use of IV had to be ruled out as a good IV was not found. Therefore, the preferred functional form is the Working-Lesser model. We model this as a fractional-logit model. Propensity-score matching with nearest neighbor matching is also carried out.

 

Learnings from the Research and the Way Forward

The following are the highlights of results generated from the study. Compared to non-remittance receiving families, the expenditure on housing stands out which captures expenditure for building, renovation and renting houses. The remittance receiving families tend to have a 36 percent higher budget allocation for housing category. This is a clear indication of the main financial motive of migration. It is also interesting to note that expenditure for health and education in remittance receiving families is not significantly different from non-remittance receiving families. These outcomes also confirm the finding of (IPS 2014) where only 21 percent of returnee migrants responded that they had improved their economic status. It is clear that the intentions of migrating families in general are more consumption based rather than investment based.

More interesting outcomes are seen in the gender comparison section. The male remitter houses tend to have 66 percent less budget allocation for liquor and intoxicants. Budget allocation for education rises by 35 percent in houses receiving remittances from males. Impact on both these categories help improve the quality of life and would be an investment in human capital in particular. However, the budget allocation for clothing and ceremonial expenditure is to rise by 20 percent in male remitter households.

 

Conclusion

The contribution by the migrant workers is unmistakable in the country’s economy. However, the institutional framework to maximize and prudently utilize their hard-earned income is not in place. The focus of the migrant workers should be to invest and create a stream of sustainable income rather than spending on consumption goods.  As the results suggest, the trend of more male migration will produce better economic results especially in terms of human capital development. It also indicates that higher bargaining power for women in household expenditure decisions do produce better outcomes. The government may not witness immediate results from the shift of gender composition of migration. Yet the long term effects of better access to education through higher household expenditure on education can be experienced at national and household levels.

 

References

Lueth, E., Ruiz-Arranze, M. (2007). ‘Are Workers’ Remittances a Hedge Against Shocks? The Case of Sri Lanka’ International Monetary Fund

Frankel, Jefferey A., “Are Bilateral Remittances Countercyclical?,” (October 2009). NBER Working Paper No. w15419